Home World සෞදි ඖෂධ සහ ආහාර අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

සෞදි ඖෂධ සහ ආහාර අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

637
0

සෞදි අරාබියේ විකිණීමට ඇති “Forever Royal Jelly’’ නැමති ආලේපන වර්ගය භාවිතා කිරීමේදි සැළකිලිමත් වන ලෙස සෞදි ඖෂධ සහ ආහාර අධිකාරිය නිවේදනය කර තිබෙනවා.

එම ආලේපන වර්ගය පරීක්ෂාවට ලක්කර ආරක්ෂාව තහවුරු කර නොමැති බවත් ව්‍යාජ වෛද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් වෙළඳපොලේ විකුණන බවට අධිකාරියට පැමිණිලි ලැබී ඇති බවත් සෞදි ඖෂධ සහ ආහාර අධිකාරියට අයත් නියාමන ඒකකය නිවේදනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

“Forever Royal Jelly’’ නැමති ආලේපනය පරීක්ෂාවට ලක්කර ආරක්ෂාව තහවුරු කරන තෙක් භාවිත කිරීමෙන් වළකින ලෙසයි අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීම් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here