Home Local උසස් පෙළ දක්වා උගත් පිරිසට අගමැතිගෙන් රැකියා 7500ක්

උසස් පෙළ දක්වා උගත් පිරිසට අගමැතිගෙන් රැකියා 7500ක්

326
0

අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අමාත්‍යාංශය වන ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අනියුක්තව පුහුණු ව්‍යාපෘති සහකාරවරුන් 7500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ රැකියා විරහිත තරුණ තරුණියන් මේ යටතේ බඳවා ගැනීමට නියමිතයි.

ඔවුන්ට මාසිකව රුපියල් 15000ක දීමනාවක් ලබාදිමට අපේකෂා කරනු ලබන අතර සංවර්ධන ව්‍යාපෘතින් ඵලදායි අන්දමින් ක්‍රියාත්මක කිරිම සඳහා එම ව්‍යාපෘති සමීපව අධීක්ෂණය කිරීමට මෙම පිරිස බඳවා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙසේ තෝරා ගන්නා අයදුම්කරුවන් කොන්ත්‍රාත් පදනමින් පුහුණු ව්‍යාපෘති සහකාර තනතුරට පත් කිරීමට නියමිත අතර ඒ හරහා ඔවුන් ජාතික සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලය අපේක්ෂා කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here