Home Local ”විල්පත්තුව ගැන කියලා ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක්” – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

”විල්පත්තුව ගැන කියලා ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක්” – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

804
0

පුත්තලමේ අරුවක්කාලු කසළ ගැටලුව යටපත් කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා.

කොළඹ අල් හික්මා විද්‍යාලයේ ඊයේ (20) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පුත්තලමට කොළඹ කුණු ගෙන එන එකට පුත්තලමේ මිනිස්සු විරුද්ධ වෙන එක සාධාරණයි. අපි කවුරුවත් කැමති නැහැ වෙන කාගෙවත් කුණු ගන්න. මේ කසල ගැටළුව ගැන පුත්තලමේ ජනතාව කියන්න පුළුවන් හැමෝටම කිවුවා. උත්තරයක් නැතිම තැන තමයි ඔවුන් කොළඹට ඇවිත් උද්ඝෝෂණයක් කළේ.

පසුගිය වසරේ (2018) අවසාන මාස කිහිපයේ රටතුළ පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියේදී අපි ගත්තෙ හරි පැත්ත. ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. එදා ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටි අප අද පුත්තලමේ අරුවක්කාලු කසල ගැටලුව වෙලාවෙදිත් පුත්තලමේ අහිංසක ජනතාවගේ පැත්ත ගන්නවා.

පුත්තලමේ ජනතාවගේ කසල ගැටලුව ගැන පෙනී ඉන්න නිසා මට විල්පත්තුව කපනවා කියල චෝදනා කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. මේවා හසුරවන යම් යම් අදිසි හස්ත ක්‍රියාත්මක වන බව අපට පේනවා. රජය ඇතුලෙ අමාත්‍යවරයකු ලෙස සිටියත් ජනතාවට අසාධාරණයක් වෙනවානම් අපි එයට දැඩි ලෙස විරුද්ධ වෙනවා.” යනුවෙන් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here