Home Local උඩරට දුම්රිය මාර්ගයේ හටගත් ගින්නක් පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව නිවා දමයි –...

උඩරට දුම්රිය මාර්ගයේ හටගත් ගින්නක් පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව නිවා දමයි – PHOTOS

157
0

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට යාබදව ඉඩමක හටගත් ගින්නක් හැටන් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව නිවා දැමිමට සමත්ව තිබෙනවා.

ඊයේ (20) පස්වරු 04ට පමණ හැටන්, දික්ඔය නගර සභාවට යාබදව හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන 02 අතර මෙම ගින්න හටගත් බවයි හැටන් පොලිසියේ නිලධාරින් පැවසුවේ.

දුම්රිය මාර්ගයේ ගමන් ගත් අයෙකු මෙම ගින්න තබන්නට ඇති බව හැටන් පොලිසිය සැකපළ කරනවා.

ගින්න හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට කිසිදු බාධාවක් සිදු නොවු බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් පැවසුවේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here