Home Hit නොරොච්චෝලේ යන්ත්‍රයක් අක්‍රියයි – විදුලිය කැපීමේ අවදානමක්

නොරොච්චෝලේ යන්ත්‍රයක් අක්‍රියයි – විදුලිය කැපීමේ අවදානමක්

355
0

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ජනන යන්ත්‍රය අක්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මෙගාවොට් 270ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී තිබෙනවා.

ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්වන තෙක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රි කාලයේදී පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්‍ෂ (සංවර්ධන) සුලක්‍ෂණ ජයවර්ධන සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here