Home Local අලුගෝසුවන් බඳවාගැනිමේ සම්මුඛ පරික්ෂණ ළඟදීම

අලුගෝසුවන් බඳවාගැනිමේ සම්මුඛ පරික්ෂණ ළඟදීම

218
0

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, මෙම මස 21 හා 22 යන දෙදින තුළ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කෙරෙන බව බන්ධනාගාර අමාත්‍යංශය පවසනවා.

එම තනතුර සඳහා පුද්ගලයින් 102 අයදුම්පත් යොමුකර තිබූ බවත්, ඒ අතරින් සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් 79දෙනෙකු එකී සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවන බවයි එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට, බන්ධනාගාර අමාත්‍යංශයේ නිලධාරියෙකු හා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනෙකු ඇතුළත් වන බවද පැවසූ එකී ප්‍රකාශකයා වැඩිදුරටත් කියාසිටියේ තෝරාගනු ලබන පුද්ගලයින් දෙදෙනා එකී තනතුර සඳහා, ඉතා කඩිනමින් බදවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

එකී තනතුර සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත්, 23ක් ප්‍රතික්ෂේපද වි තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here