හැටන් අධ්‍යාපන කළාපයට අයත් මස්කෙළිය, සමන්එළිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම පාසලෙන් ඉවත්කර වෙනත් විදුහල්පතිවරයෙක් ලබා දෙන ලෙස ඉල්ලමින් එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන් හා ප්‍රදේශයේ දෙමව්පියන් එක්ව අද (19) පෙ.ව. 08.30ට පමණ සමන්එළිය විදුහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.
උද්ඝෝෂණයට එක්ව සිටි දෙමව්පියන් මෙහිදී කියාසිටියේ, වත්මන් විදුහල්පතිවරයා සතියේ දින 02ක් 03ක් පමණ පාසලට පැමිණෙන බවයි.
එමෙන්ම ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මේ වන විටත් දෙමව්පියන් විසින් ළමුන් විශාල පිරිසක් පාසලෙන් ඉවත් කර වෙනත් පාසල් වලට යවා ඇති බවත් පාසලේ පවතින ගුරු හිගයට හා අනෙකුත් ගැටළු වලට විසඳුම් ලබා දී පාසලේ හා සිසු සිසුවියන්ගේ උන්නතියට කටයුතු නොකර ප්‍රදේශයේ ඇති එකම සිංහල පාසල වසා දැමීමට කටයුතු කරමින් සිටින බවයි.
පාසලේ පවතින ගැටළු වලට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලබනවා.




ක්රිෂාණ්තන්