Home Local වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 02 වනදා සිට අනිවාර්ය කරයි

වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 02 වනදා සිට අනිවාර්ය කරයි

273
0

ආහාර හා බීම වර්ගවල ඇති ලුණු හා තෙල් ප්‍රමාණය සඳහන් වර්ණ සංකේත ක්‍රමය අප්‍රෙල් 02 වනදා සිට අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මීට පෙර 2016 වසරේ සිට සීනි ප්‍රමාණය සඳහන් වර්ණ සංකේත ක්‍රමය අනිවාර්ය වී ඇති අතර අප්‍රේල් 02 වනදා සිට සීනි තෙල් හා ලුණු අඩංගු ප්‍රමාණයන් වර්ණ සංකේත අනුසාරයෙන් සටහන් කිරීම අනිවාර්ය වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියේජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආහාර පාලන) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ප්‍රකාශ කළේ.

මේ අනුව ග්‍රෑම් 100කට සීනි ග්‍රෑම් 22කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්නම් රතු වර්ණ සංඥාව ද ග්‍රෑම් 100කට සීනි ග්‍රෑම් 08 සිට 22 දක්වා ඇත්නම් මධ්‍යම ප්‍රමාණය හැඟවෙන කහ පැහැ වර්ණ සංඥාව ද, එම ප්‍රමාණය ග්‍රෑම් 08ට වඩා අඩු නම් එහි කොළ පැහැති වර්ණ සංඥාව ද සඳහන් කළ යුතු බව ද හෙතෙම සඳහන් කර සිටියා.

ලුණු සඳහා නම් ග්‍රෑම් සියයකට ලුණු ග්‍රෑම් 1.25 කට වඩා වැඩිපුර අඩංගු නම් එහි රතු පැහැ වර්ණ සංඥාව ද යෙදිය යුතු අතර ග්‍රෑම් 100කට ලුණු ග්‍රෑම් 1.25 සිට .25 දක්වා ඇත්නම් කහ පැහැ වර්ණ සංඥාව ද 25ට අඩු නම් කොළ පැහැ වර්ණ සංඥාව ද යෙදිය යුතු බවයි වෛද්‍යවරයා සඳහන් කර සිටියේ.

මේදය සඳහා වන රෙගුලාසි යටතේ සෑම ග්‍රෑම් 100කටම මේදය ග්‍රෑම් 17.5 ද ට වඩා වැඩිනම් රතු පැහැ වර්ණ සංඥාව ද, ග්‍රෑම් 100කට මේදය ග්‍රෑම් 17.5 සිට 3 ක් දක්වා ප්‍රමාණ සඳහා මධ්‍යම ප්‍රමාණය හැඟවෙන කහ පැහැ වර්ණ සංඥාව ද, ග්‍රෑම් 03ට වඩා අඩුනම් කොළ පැහැ වර්ණ සංඥාව ද යෙදිම අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් කිරි එළවළු පළතුරු, සහල්, කුඩා වර්ගයේ පැකැට්ටු තළ ඇති ආහාර, තේ, කෝපි, වතුර බෝතල් වෛද්‍යවරුන් විසින් නියම කරන ආහාර, ආහාර තොග අසුරණ ළදරු කිරි ආහාර ආදිය සඳහා මෙම රෙගුලාසි බලාත්මක වන්නේ නැහැ.

නව නීතිය අප්‍රේල් 05 වනිදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කළේ.

වෛද්‍ය ගම්ලත් මේ අදහස් පළ කළේ සෞධ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

විනීතා එම් ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here