Home Hit ”01 වසරේ සිට 05 වසර තෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම නතර කරන්න” –...

”01 වසරේ සිට 05 වසර තෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම නතර කරන්න” – අතුරලියේ රතන හිමි

347
0

පළමු වසරේ සිට 05 වසර තෙක් දරුවන්ට ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම නතර කළ යුතු බවට ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රකාශයක් මේ වනවිට සමාජ ජාලා තුළ වැඩිවශයෙන් කතා බහට ලක්වනවා.

පාර්ලිමේන්තුවේ අයවැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී අදහස් දක්වමින් අතුරලියේ රතන හිමියන් කියාසිටියේ ශ්‍රී ලංකාව වර්තමානයේ දරුවාගේ මව් භාෂාව හැර වෙනත් භාෂාවක ප්‍රාථමික අධ්‍යාපනය ලබා නොතිබූ වෙනත් රටක අනුගමනය නොකරන සංකල්පයක් අනුගමනය කරමින් සිටින බවයි.

එහිදී අදහස් දැක්වූ රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේ,

“දරුවන්ට තම මව් භාෂාව හැර වෙනත් භාෂාවක් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන්නේ නම්, එම දරුවා රටෙහි පුරවැසියෙකු නොවිය යුතුය” යනුවෙනුයි.

එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම වැදගත් වන බවයි.

එවැනි පාසල් ද ප්‍රමිතියෙන් තොර ඕනෑම කෙනෙකුට පාලනය කළ හැකි යැයි පැවසූ උන්වහන්සේ එම පාසල් පාලනය කිරීම වැදගත් සඳහන් කර සිටියා.

උන්වහන්සේගේ තවත් එක් යෝජනාවක් නම්, ජාතික සමගිය ගොඩනඟන අධ්‍යාපනයක් ඇති කළ යුතු බවයි.

ඒ අනුව උන්වහන්සේ කියා සිටින්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල දරුවන්ට දෙමල භාෂාවෙන් අධ්‍යාපනය ලබාදිය යුතු අතර අනෙකුත් ප්‍රදේශවල දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීමට ඉඩදිය යුතුය යන්නයි.

එමෙන්ම උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශ වල ද්‍රවිඩ සහ මුස්ලිම් බහුතරයට සිංහලෙන් අධ්‍යාපනය ලැබිය හැකි බවත් අතුරලියේ රතන හිමි සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here