Home Local වවුනියාවෙන් ගිනි අවි කොටස් තොගයක් සොයාගනියි – PHOTOS

වවුනියාවෙන් ගිනි අවි කොටස් තොගයක් සොයාගනියි – PHOTOS

640
0

වවුනියාව, කුඩාකච්චකොඩිය රක්ෂිත ප්‍රදේශයේ තිබි ගිනි ‍අවි කොටස් තොගයක් වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් පසුගිය 16 වනදා සොයාගෙන ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

වවුනියාව පොලිසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී එමි.පි.එම්.ජි.තුවක්කු බැරල් 59ක්, ටි – 56 තුවක්කු බැරල් 05ක්, එච්.කේ.‍11 ගිනිඅවි බැරල් 02ක්, මිලිමීටර 60 මෝටාර් උණ්ඩ 01 ක් ඇතුළු ගිනි අවි කොටස් තොගයක් එලෙස සොයාගෙන ඇති බවයි.

සොයාගත් ගිනිඅවි කොටස් උර කිහිපයක දමා සඟවා තිබි ඇති අතර පසුගිය යුධ සමයේ LTTE සංවිධානය සිය ප්‍රයෝජනය පිණිස සඟවා ගිය අවි කොටස් එලෙස සඟවන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

සොයාගත් ගිනි අවි පොලිසිය හරහා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වවුනියාව පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here