Home World ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 06 දෙනෙකු මරුට

ඉන්දියාවේ පාලමක් කඩා වැටීමෙන් 06 දෙනෙකු මරුට

530
0

ඉන්දියාවේ මුම්බායි නගරයේ දුම්රිය ස්‌ථානයක්‌ ආසන්නයේ මගී පාලමක්‌ කඩා වැටීමෙන් 06 දෙනකු මියගොස්‌ තවත් 30 දෙනකුට වැඩි පිරිසක්‌ තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහාරාශ්ට්‍ර ප්‍රාන්ත මහ ඇමැති දේවේන්ද්‍ර ඩ්නාවිස්‌ විසින් පූර්ණ පරීක්‍ෂණයක්‌ සිදුකරන ලෙස නියෝග කර තිබෙනවා.

එසේම සිද්ධියෙන් මියගිය අයට වන්දි ගෙවන ලෙසද තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර වියදම් ප්‍රාන්ත රජය විසින් දරන ලෙසද ඔහු බලධාරීන්ට නියෝග කර ඇති බව සඳහන්.

මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස නියෝග කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here