Home Local පිණ්ඩපාතයේ වැඩම කළ ස්වාමීන්වහන්සේලාට මුස්ලිම් ජාතිකයින්ගෙනුත් පිරිකර – PHOTOS

පිණ්ඩපාතයේ වැඩම කළ ස්වාමීන්වහන්සේලාට මුස්ලිම් ජාතිකයින්ගෙනුත් පිරිකර – PHOTOS

707
0

රජය විසින් ආරම්භ කර ඇති ආගමික සහජීවන වැඩ සටහනට සමගාමීව භික්ෂූන් වහන්සේලා 50 නමක් හලාවත නගරය තුළ පිණ්ඩපාතයේ වැඩම කිරීම අද (16) දහවල් කාලයේ දී සිදුවුණා.

නගරයේ සිව් කොනකින් ආරම්භ වූ පිණ්ඩපාත චාරිකාව හලාවත නගර සභාවට පිවිසි අතර අනතුරුව එම ස්ථානයේ සිට පිණ්ඩපාත චරිකාවට එක්වූ සියළුම ස්වාමීන් වහන්සේලා දර්ශණීය පෙරහැරකින් හලාවත විජයාරාම විහාරස්ථානය කරා වැඩම කරනු ලැබුවා.

පිණ්ඩපාතයේ වැඩම කළ ස්වාමීන් වහන්සේලාට මුස්ලිම් ජාතිකයින් විසින්ද පිරිකර පූජා කිරීම විශේෂත්වයක්.

හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හලාවත පොලීසිය විසින් මෙම සහජීවන වැඩ සටහන සංවිධානය කර තිබුණා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here