වවුනියාව, ඕමන්ත, සේමමඩුව ප්රදේශයේ වගා ඉඩම් රැකීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (14) රාත්රියේ කිසියම් පිරිසක් විසින් කපා දමා ඇති බව ඕමන්ත පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ කුඹුරු රැකීමට ගිය සේමමඩුව ප්රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වෙත පහරදි කැපුම් තුවාල සිදුකොට ඇති බවයි.
අදාළ පහරදීම් හේතුවෙන් සේමමඩුව ප්රදේශයේ පදිංචි වසන්තකුමාර් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකු හා කරුණාකරන් නමැති 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබාඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගේ අත් හා පාදවල කැපුම් තුවාල පවතින බවත් සඳහන්.
අදාළ පහරදීම් සිදුකළ පුද්ගලයින් සොයා පරීක්ෂණ මෙහෙයවන අතර පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවි ඇති බව පොලිසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
මාධව කුලසූරිය