තඹලගමුව පොලිස් වසමට අයත් කෝවිල්අඩි ප්රදෙයේදි අද (15) පෙරවරුවේ ලොරියක් වෙල් යායකට පෙරලි රියදුරු එම ලොරියට යට වි එම ස්ථානයේ දීම මියගිය බව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ මුතුර්, ආලින් නගර්, කොට්ඨාස අංක 02 පදිංචි දේවසගායන් සත්යශිලන් (54) නැමැති අයයි.
කොළඹ සිට බඩු පටවා ගෙන පැමිණි මෙම ලොරිය කොවිල් අඩි කෝවිල අසලදි ලොරියේ දකුණුපස ඉදිරි රෝදයේ හුලං යෑම නිසා පාලනය කර ගැනිමට නොහැකිව වෙල් යායට පෙරලි රියදුරු එයට යටවී ඇතැයි පරික්ෂණ වලදි හෙලිවි තිබෙනවා.
සැරයන් (2676) දිසානායක කොස්තාපල්වරුන් වන (73757) දර්ශණ (84698) ජයතිලක නිලධාරීන් සිද්ධිය වු ස්ථානයට පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිස් ස්ථානාධිපති චන්දන කුලසුරිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවනු ලබනවා.
මලසිරුර කන්තලේ රෝහලට රැගෙනවිත් තිබෙනවා.
අමදෝරු අමරජීව