ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහින්ද විදුහල අතර 114 වැනි ‘ආදරවන්තයින්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද සහ හෙට (15 සහ 16) පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේ පැරණිතම මහ ක්‍රිකට් තරගයක් වන මෙම තරගය ආරම්භ වී ඇත්තේ 1905 වර්ෂයේ දීයි.
මෙම තරගයේ මේ දක්වා විදුහල් 02ම තරග 23 බැගින් ජය හිමිකරගෙන තිබෙනවා.
රිච්මන්ඞ් විදුහල 2015 වසරේ සිතාර ගිම්හාන්ගේ නාකත්වයෙන් ද, මහින්ද විදුහල 2008 වසරේ රජිත් ප්‍රියාන්ගේ නායකත්වයෙන් ද, අවසන් වරට ජය හිමිකරගෙන තිබෙනවා.
මෙම පාසල් දෙකෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහිකර තිබෙනවා.
ඒ අතර හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු, උපුල් චන්දන, වර්තමාන එක්දින පිලේ නායක ලසිත් මාලිංග, අතුල සමරසේකර සහ ජයනන්ද වර්ණවීර යන ක්‍රීඩකයින් ද මහින්ද විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයින් වනවා.
චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල් සහ කමිඳු මෙන්ඩිස්, රිච්මන්ඞ් විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයින් වනවා.