ලොවපුරා සමාජ ජාල මාධ්‍ය ගණනාවක ඊයේ (13) රාත්‍රියේ බිඳවැටීම් සිදුව ඇතැයි වාර්තා වනවා.
ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ ජාල මාධ්‍ය මේ අතර වනවා.
විශේෂයෙන්ම පණිවුඩ යැවීමට නොහැකි වීම සහ ලැබෙන පණිවුඩ නොපෙනීම මෙම බිඳවැටීමේ එක් ප්‍රතිපලයක් ලෙසයි වාර්තා වන්නේ.
මෙය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත සමාජ ජාල භාවිත කරන්නන් හට මුහුණ දීමට සිදු වූ කාරණයක් ලෙස විදෙස් මාධ්‍යන් ද වාර්තා කර සිටිනවා.