වතුකරයේ සියළුම පාසල් වල ගුරුවරුන් ප්රධාන තැපැල් කර්යයාල වලට එක්රැස් වී විදුහල්පතිවරුන්ට විදුලි පුවත් මගින් අසනිප නිවාඩු වාර්තා කරන බව අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.
දිවයිනේ සියළුම පාසල්වල ගුරුවරුන් වෘත්තිය සමිති ක්රියාමාර්ගයක් වශයෙන් අද (13) දින පාසල් වල රාජකාරි වලට වාර්තා නොකර අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නියැලි සිටිනවා.
ගුරුවරුන් අද දින වෘත්තිය සමිති ක්රියාමාර්ගවල නියැලි සිටින බව නොදත් පාසල් ළමුන් විශාල පිරිසක් පාසල් වලට පැමිණ සිටි අතර ඇතැම් දෙමාපියන්ද දරුවන් පාසල් වලට කැදවාගෙන පැමිණ තිබෙනවා.

ගුරුවරුන් සේවයට වාර්තා කර නොමැති නිසා අද දින පාසලට පැමිණි ළමුන් තම පාසලේ ක්රිඩාපිටි වල සෙල්ල්ම් කරන බවද අප වාර්තාකරු සඳහන් කර සිටියා.

හැටන් කලාප අධයාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් වල කලින් සැලසුම් කර ගත් පරිදි කලාප තරග අද දින පැවැත්විමට එම තරගභාර ගුරුවරුන් කටයුතු කර තිබෙනවා.


රංජිත් රාජපක්ෂ