Home Hit ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩවෙයි

ගුරුවරු සහ විදුහල්පතිවරු අද ලෙඩවෙයි

397
0

ඉල්ලීම් 03ක් මුල්කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 30ක් අද (13) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය මෙන්ම ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය ද සහය පල කරනු ලබනවා.
වසර 22ක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කිරීම, ඉගැන්වීමට අමතරව ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට නියම කර ඇති අමතර කටයුතු නතර කරන ලෙස හා දළ දේශීය නිෂ්පාදිතයෙන් 06%ක් අධ්‍යාපනයට වෙන් කිරීම මෙම වෘත්තිය සමිති වල ඉල්ලීමයි.

ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රේණිධාරා විදුහල්පති සේවා සංගමය, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්ත ලංකා උපාධිධාරී සංගමය හා ලංකා ප්‍රගති ගුරු සංගමය ඇතුළු සංගම් 30ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බව සඳහන්.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දී ඇති බවය් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් සඳහන් කර සිටියේ.

මෙවර අයවැයෙන් ද ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු කර නොමැති අතර අද පවත්වනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් අනතුරුව ප්‍රතිචාරයක් නොමැති වුවහොත් තවදුරටත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here