Home Local පළාත් සභා පෙත්සම් විභාගයට රනිල්, වජිර, මැකෝ උසාවි කැඳවයි

පළාත් සභා පෙත්සම් විභාගයට රනිල්, වජිර, මැකෝ උසාවි කැඳවයි

648
0

නියමිත කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙසට බල කරමින් මැතිවරණ කොමිසමට ‘රිට්’ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සබරගමුව පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් සහ උතුරුමැද පළාත් හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන් ගොනු කළ පෙත්සම් 02 විභාග කිරීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සඳහා ලබන අපේ‍්‍රල් 05 වනදා උසාවියේ පෙනී සිටින ලෙස දන්වා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය, කොමිසමේ සාමාජිකයන් සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ, පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන ඇතුළු 08 දෙනකු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටින්නේ පළාත් සභා මැතිවරණ නීති රෙගුලාසිවලට අනුව පළාත් සභාවන් විසුරුවා හැරීමෙන් පසුව සති 04ක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවට නොතීසියක් මගින් ජනතාව දැනුවත් කළ යුතු බවයි.

එම නොතීසිය නිකුත් කර දින 14කට පසුව මැතිවරණය පැවැත්වීමේ දිනය සහ පළාත් සභාවට තෝරා පත් කර ගන්නා මන්තී‍්‍ර සංඛ්‍යාව ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කළ යුතුයි.

නීතිමය තත්ත්වය ඉතා පැහැදිලිව තිබියදීත් විසුරුවා හැරිය පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පෙත්සම්කරුවන් කියා සිටිනවා.

පළාත් සභා සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් වී නැති බව කියමින් මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින බවත් මෙය මැතිවරණ කොමිසමට පැවරී ඇති රාජකාරි යුතුකමක් පැහැර හැරීමක් බවත් ජනතාවට පළාත් සභා සීමාවන් පාලනය කිරීම සඳහා තමන් කැමැති නියෝජිතයන් පත්කර ගැනීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්වලින් වැඩිදුරටත් කියා සිටිනවා.

පළාත් සභා සීමා නිර්ණය කමිටුව නිකුත් කළ වාර්තාව සමාලෝචනය කිරීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ද මේ වන තෙක් ජනාධිපතිවරයාට භාර දී නැති බව ද කියා සිටි පෙත්සම්කරුවෝ එම වාර්තාව භාරදෙන ලෙස අගමැතිවරයාට නියෝග කරන ලෙස ද පෙත්සම්වලින් ඉල්ලා සිටිනවා.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති දීපාලි විජේසුන්දර සහ විනිසුරු අර්ජුන් ඔබේසේකර හමුවේ පෙත්සම් සලකා බැලූ අතර ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, නීතිඥ අතුල ද සිල්වාගේ උපදෙස් පිට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියා.

සරත් ධර්මසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here