12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා අද (13) ඇරැඹු සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත පවසනවා.
අද දිවයින පුරා ගුරුවරු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වර්ජනයක් ගෙන ගිය ද අදාල විභාග රාජකාරී සඳහා යොදවා ඇති සියලු ගුරුවරු මේ වන විට සේවයට වාර්තා කර ඇතැයිද කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.
මේ වන විට විභාග මධ්‍යස්ථාන 655කදී විභාගය පැවැත්වෙන බවත් කිසිදු ගැටළුවකින් තොරව විභාගය ක්‍රියාත්මක වන බවත් කොමසාරිස්වරයා ප්‍රාක්ෂ කර සිටියා.
විභාගය 18 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.