Home Local දකුණේ ළමා සහ වැඩිහිටි නිවාස අඩකින් හිස්වෙයි

දකුණේ ළමා සහ වැඩිහිටි නිවාස අඩකින් හිස්වෙයි

905
0

වැඩිහිටි නිවාස වලට හා ළමා නිවාස වලට පැමිණෙන සංඛ්‍යාවේ අඩුවක් දකින්නට තිබෙන බව දකුණු පළාත් සමාජ සේවා පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක පවසනවා.

මේ වන විට දකුණු පළාතේ ළමා නිවාස 29ක් තිබෙන අතර ළමයි 856 දෙනෙක් එහි නේවාසිකව සිටිනවා.

2016 වසරේ මෙම නිවාස වල 1560 දෙනෙකු සිටියත් දැනට එයින් භාගයකට ආසන්න ප‍්‍රමාණයක් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිහිටි නිවාස 49ක් තිබෙන බවත් ඒවායේ නේවාසික වැඩිහිටි සංඛ්‍යාව 1200ක් සිටින බවත් සඳහන්.

පසුගිය කාලවල දී බොහෝ ළමයි නීත්‍යනුකූලව ආවාහ විවාහ කර දුන් බවත් තවත් විශාල පිරිසකට වෘත්තීය පුහුණුව ලබා දී සමාජ ගතකළ බවත් කොමසාරිස්වරයා කියා සිටියා.

අනුර යසමිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here