පාකිස්ථානය ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය සහ රූපවාහිනි නාලිකා විකාශනය තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය නිසා පාකිස්ථානය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය මාර්තු මාසයේ සිට තහනම් කරන බවත් මේ සඳහා පකිස්ථානු ඉහළ උසාවිය ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවත් පාකිස්ථාන චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය සඳහන් කර සිටිනවා.
ඒ අනුව කිසිදු ඉන්දියානු අන්තර්ගතයක් දේශීය රූපවාහිනිය ඔස්සේ විකාශනයත්, ඉන්දීය වෙළඳ දැන්වීම් ප්රචාරණයත්, වාර්තාමය වැඩසටහන් සහ චිත්‍රපට විකාශය කිරීමත් තහනම් කිරීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.
මෙය ඉන්දියාවට පහසු දඩුවමක් වනු ඇතැයි ඔවුන් සිතුවත් එය වැරදි ඉලක්කයක් බවටයි විවේචන එල්ල වී ඇත්තේ.
1947 වර්ෂයේ සිට ඉන්දියාව සහ පාකිස්ථානය අතර දීර්ඝ කාලීන ගැටුම් පැවතියත් ඔවුන් අතර බොලිවුඩ් සිනමා නිර්මාණ හුවමාරු වුණා.
මෑතකදී ඉන්දියාව පකිස්ථානු දේශ සීමාව තුළ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත්, පාකිස්ථානය ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා බිද හෙලීමත් සමඟ දෙරට අතර ගැටුම් උත්සන්න වුණා.