Home Local එජාප මන්ත්‍රීවරයකුගේ පහරදීමෙන් පුද්ගලයෙක් රෝහලට

එජාප මන්ත්‍රීවරයකුගේ පහරදීමෙන් පුද්ගලයෙක් රෝහලට

261
0

තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ඊයේ (11) පෙරවරුවේදී සිදුකළේ යැයි කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එම පක්ෂයේම සාමාජිකයකු ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුලත් වී ඇතැයි වීරකැටිය පොලිසිය පවසනවා.

මෙලෙස පහරකෑමට ලක්ව රෝහල්ගතව ඇත්තේ තංගල්ල, විතාරන්දෙණිය උතුර ප්‍රදේශයේ පදිංචි නන්දන සිරිවර්ධන (43) නම් අයෙකි.

තංගල්ල විතාරන්දෙණිය උතුර නුගවෙල ගෙදර හන්දිය අසල මාර්ගයක් ඉදිකිරීමේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇතැයි වීරකැටිය පොලිසිය පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු වන තමන් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එජාපයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පිස්තෝලයක් පෙන්වා තමාගේ යතුරුපැදිය නවතා ඉන් අනතුරුව මුගුරකින් පහර දුන් බව ප්‍රහාරයට ලක්වූ නන්දන සිරිවර්ධන නැමැත්තා පවසනවා.

ඔහු මේ පිළිබදව වීරකැටිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර ඇති අතර ඔහු තංගල්ල මූලික රෝහලේ 08 වැනි වාට්ටුවේ 14 වැනි ඇඳෙහි ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධිය සම්බන්ධ යැයි සැකකරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විතාරන්දෙණිය සුදර්ශනගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සඳහන්.

මෙම පහරදීමට සම්බන්ධ යැයි කියන මන්ත්‍රීවරයා ඉකුත් දෙසැම්බර් මස 13 දින පොලිස් සැරයන්වරයකුගේ නිවෙසට රතිඤ්ඤා දල්වා දැමීම නිසා සිදුවූ ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් ඇප ලබා සිටින අයකු බවයි පොලීසිය පවසන්නේ.

වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here