Home Hit රාවතාවත්තේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ මුලු බර කිලෝ 177ක් – PHOTOS

රාවතාවත්තේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ මුලු බර කිලෝ 177ක් – PHOTOS

289
0

මොරටුව රාවතාවත්තේදී ඊයේ (11) අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ මුලු බර කිලෝ 177යි ග්‍රෑම් 464ක් බවට තක්සේරු කර තිබෙනවා.

එමෙන්ම එම නිවසේ තිබී ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ් නමැත්තාගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුලත් CD තැටියක්ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

පසුගියදා අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු වන ”කැවුමා” නමැත්තා නවාතැන්ගෙන සිටි බව පැවසෙන අදාළ නිවසේ ඊයේ සිදුකළ සෝදිසියකදී මෙම හොරොයින් තොගයට අමතරව ස්වයංක්‍රීය පතරොම් අවියක් / ජපානයේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ ටී 56 සජීව පතරොම් 2803 ක්ද පොලිස් භාරයට ගැණුනා.

එමෙන්ම මිලිමීටර් 9 වර්ගයේ සජීව පතරොම් 91 ක්, බෝර 12 එෆ් ජී පතරොම් 234 ක්, තියුණු ආයුධයක්, අත්විලංගු දෙකක් සහ විවිධ පුද්ගලයින්ට අයත් හැඳුනුම්පත් 12 ක්ද සොයාගත් බවයි පොලිසිය කියා සිටියේ.

මීට අමතරව මුද්‍රණ යන්ත්‍රයක්, ජංගම දුරකථන 25 ක්, විවිධ සිම් කාඩ්පත් 129 ක්, ව්‍යාජ කොණ්ඩ දෙකක් සහ රුපියල් 31 දහස් 830 ක මුදලක්ද පොලිස් භාරයට ගැණුනා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here