පොලිස් කොස්තාපල්වරයකුගේ පහර දීමකට මුහුණ දුන් නාත්තණ්ඩිය ප්රාදේශීය සභා මන්ත්රී සිසිල් වික්රමසිංහ මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරාවිල පොලිසිය පවසනවා.
එම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ද වන ඔහු මෙවර ශ්රී ලංකා පොදුජන පක්ෂ මන්ත්රීවරයකු වශයෙන් තේරී පත්වී තිබෙනවා.
මේ වන විට රෝහල් ගත වි ඇති මන්ත්රීවරයා ඊයේ රාත්රී සිය මෝටර් රථයෙන් මාරවිල හන්දිය වෙත පැමිණි අවස්ථාවේ දී බීමතින් සිවිල් ඇදුමින් සැරසී පැමිණි පුද්ගලයෙක් තම යතුරුපැදියට ඉස්සර කර යාමට ඉඩනොදුන්නේ යැයි කියමින් ප්රසිද්ධියේ තමන්ට පහර දි පලා ගිය බව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මන්ත්රීවරයාට පහර දුන් අය මාරවිල පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කරන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධරයකු සඳහන් කර සිටියා.