Home World රටවල් රැසක් බොයිං යානා ධාවනය තාවකාලිකව නවතා දමයි

රටවල් රැසක් බොයිං යානා ධාවනය තාවකාලිකව නවතා දමයි

421

ලොව රටවල් රැසක් විසින් බොයිං 737 මැක්ස් – 8 වර්ගයේ ගුවන් යානා ධාවනය තාවකාලිකව නවතා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා ඉතියෝපියාවේදී එම වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමත් සමග මෙම තීරණය ගෙන ඇත්තේ.

චීනය විසින් තමන් සතු එම වර්ගයේ ගුවන් යානා 97ක්ම තාවකාලිකව සේවයෙන් ඉවත් කර තිබෙනවා.

ඉතියෝපියානු ගුවන් සේවයද තමන් සතු එම වර්ගයේ යානා සියල්ල ධාවනයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ලොව පුරා ගුවන් සමාගම් ගණනක් එම වර්ගයේ යානා ධාවනයෙන් තාවකාලිකව ඉවත් කර ඇත්තේ ඉතියෝපියානු ගුවන් අනතුරට මාස 05කටත් පෙර බෝයිං වර්ගයේම ගුවන් යානයක් ඉන්දුනීසියාවේ දී අනතුරට ලක්වීමත් සමඟයි.

සබැඳි පුවත් – මාස 05ක් තුළ බෝයිං යානා 02ක් අනතුරට – යානා ගැන සැක මතුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here