අද (12) පස්වරුවේ පැවැති අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්ද 76ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 119ක් ලැබුණි ඒ අනුව වැඩි ඡන්ද 43කින් 2019 අයවැය සම්මත විය .
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය 05 වනදා අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය පිළිබඳ දෙවන වර කියැවිමේ විවාදය පසුගිය 06 වනදා ආරම්භ වුණා.
ඒ අනුව මේ වසර සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය පුරා දින 06ක් පැවැති අතර අද පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැතිය
අයවැය පිළිබඳ තෙවන වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (13) සිට පැවැත්වීමට නියමිත අතර එම විවාදය අප්‍රේල් 05 වනදා දක්වා පුරා දින 19ක් පැවැත්වීමට නියමිතයි.