Home Local වතු කම්කරුවන්ගේ දිනක වැටුපට තවත් රු.50ක්

වතු කම්කරුවන්ගේ දිනක වැටුපට තවත් රු.50ක්

378

ලබන මැයි මාසයේ සිට වතු කම්කරුවන්ගේ වැටුපට රුපියල් 50ක දෛනික දීමනාවක් එකතු කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ඒ අනුව වතු කම්කරුවන්ගේ දිනක  වැටුප රුපියල් 800ක් වන බව පැවැසූ ඇමැතිවරයා එය සියයට 40ක වැටුප් වැඩිවීමක් යැයිද කීය.

මෙම රුපියල් 50 දීමනාව තේ මණ්ඩලයේ මුදල් වලින් ලබා දීමට පියවර ගන්නා බව කී ඇමැතිවරයා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ  ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද පැවැසීය.

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ වතු වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ ගිවිසුම විසිවසරකට වඩා පැරණි බව කී ඇමැතිවරයා එම ගිවිසුමේ පාර්ශ්වකරුවන් වශයෙන් දිගම්බරම් සහ රාධා ක්‍රිෂ්ණා ඇතුළුවී නැති බවද කීය.

එම නිසා මෙම ගිවිසුම අලුතින් සකස් කිරීම සඳහා කාලය එළඹ ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

මීට වසර 15 කට පෙර වතු කම්කරුවන් 2,40,000 ක් සිටියද අද වන විට එම සංඛ්‍යාව 1,40,000 දක්වා අඩු වී ඇති බවද දිසානායක මහතා කීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මෙම මාධ්‍ය හමුවකදී කඳුරට ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි දිගම්බරම් සහ විශේෂ ප්‍රදේශ සංවර්ධන ඇමැති වී රාධාක්‍රිෂ්ණා යන මහත්වරු ද අදහස් දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here