තායිලන්තයේ මීලඟ අගමැති අපේක්ෂකයා ලෙස එරට රජුගේ සොහොයුරියගේ නම යෝජනා කළ ‘තායි රක්ෂා චාට්’ පක්ෂය තහනම් කරමින් ව්‍යවස්ථාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ උබොල්රතන් (Ubolratana Rajakanya) කුමරියගේ නම අගමැති ධුරය සඳහා නාමයෝජනා භාරදීම රාජකීයයන්ගේ මධ්‍යස්ථභාවයට තර්ජනයක් බව පවසමිනුයි.
එමෙන්ම අදාළ පක්ෂයේ විධායක මණ්ඩල සභිකයින්ට වසර 10ක දේශපාලන තහනමක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ පක්ෂය එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්ට සහාය ලබාදුන් පක්ෂයක් වීමත් විශේෂත්වයකි.
තායි රජ පවුල දේශපාලනය සඳහා සෘජුව සම්බන්ධ නොවන බැවින් උබොල්රතන කුමරියගේ නාම යෝජනා භාරදුන් පුවත දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර සිය සහෝදරියගේ තීරණය මහා වජිරලොන්කොන් රජුද හෙළා දැක තිබෙනවා.