Home Hit බම්බලපිටියේදී සිදුවූ අනතුරින් මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ අවසන් කටයුතු අද

බම්බලපිටියේදී සිදුවූ අනතුරින් මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ අවසන් කටයුතු අද

370

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ, බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි.

බම්බලපිටියේදී සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියේ පෙරේදා (09) රාත්‍රියේ ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

රාජකාරි කටයුත්තක් සඳහා සිය යතුරු පැදියෙන් බම්බලපිටිය දෙසට පැමිණෙමින් සිටි, පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා මෙම අනතුරට මුහුණ පෑවේ, ආලෝක සංඥා නොතකමින් ධාවනය කළ ඩිපෙන්ඩර් රථයක ගැටිමෙනුයි.

දින 14ක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ස්ථානාධිපතිවරයා පෙරේදා රාත්‍රී ජීවිතයට සමුදුන්නේ, රියැදුරු සැමට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමිනුයි.

තිදරු පියෙකු වූ සරත්චන්ද්‍ර මහතා පොළොන්නරුව උපත ලැබූ අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here