Home Politics විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට JVP – TNA සාකච්ඡා අද

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට JVP – TNA සාකච්ඡා අද

356
0

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (11) ආර්. සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් සමග සාකච්ජා කිරීමට නියමිතයි.

මෙම සාකච්ඡාව අද සවස 2ට බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්කි පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන අතර ඊට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන පිරිස සහභාගී වෙනු ඇති.

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සාකච්ජා පැවැත්වීමෙන් අනතුරුව අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එජාපයේ නියෝජිතයන් සමග ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා කරන බව ජවිපෙ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර සිටියා.

එමෙන්ම ඉදිරි සති 02 තුළ රවුෆ් හකීම් ඇතුළු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමඟද මනෝ ගනේෂන් ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පක්ෂය සමඟ ද, රිෂාඞ් බදියුදීන් ඇතුළු සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමඟ ද, ආරුමුගම් තොන්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසය සමඟ ද පලනි දිගම්බරන් ඇතුළු ජාතික කම්කරු සංගමය සමඟ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව ජවිපෙ විසින් පාර්ලිිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සාකච්ජා කරන බව නලින්ද ජයතිස්ස කියා සිටියා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ පසුගිය සතියේ සාකච්ජා කළ ආකාරයටම අයවැය අවසන් වර ඡන්දය විමසීමට පෙර පාර්ලිමේන්තුවේ සියලූම පක්ෂ සමඟ මේ පිළිබඳ සාකච්ජා කර අවසන් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අජිත් අලහකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here