Home Local මත්තල ගුවන් තොට ඉන්දියාව හා ඒකාබද්ධ කරන්න කැබිනට් අනුමැතිය

මත්තල ගුවන් තොට ඉන්දියාව හා ඒකාබද්ධ කරන්න කැබිනට් අනුමැතිය

327

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාව සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා වූ කැබිනට් සංදේශයට පසුගිය සතියේදී අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ, මුදල් ඇමැති මංගල සමරවීර හා ප‍්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග විසිනුයි.

2017 වසරේදී ඉන්දීය ආණ්ඩුව යෝජනා කර තිබුණේ මත්තල ගුවන්තොටුපළ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේදී තමන්ට 70% අයිතියක් ලැබිය යුතු බවත් ලංකාවට ඉතිරි 30% හිමිවන බවත්ය.

ඒ අනුව මත්තල ගුවන්තොටුපළ පාලනය පැවරෙන්නේ ඉන්දීය ගුවන් සේවා අධිකාරියටයි.

2009 දී මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම ආරම්භ වූ අතර ඒ සඳහා ඩොලර් මිලියන 252ක් වැ වුණා.

මේ සදහා ණය මුදල් සැපයුණේ් චීනයෙන් වන අතර මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට පැවරෙන්නේ වසර 40ක් සඳහායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here