Home World සෙල්ෆි ගැනීමට ගොස් කාන්තාවක් ජගුවරයෙක්ගේ ගොදුරක් වෙයි-Video

සෙල්ෆි ගැනීමට ගොස් කාන්තාවක් ජගුවරයෙක්ගේ ගොදුරක් වෙයි-Video

550

කාන්තාවක් සත්ව උද්‍යානයක බාධකයකින් පැන සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ජගුවර් සත්වයෙකුගෙන් පහර කෑ සිද්ධියක් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ සත්ව උද්‍යානයකින් වාර්තා වේ. මෙම අනතුර පසුගිය සෙනසුරාදා දින සිදුවී තිබෙන අතර ඇයගේ ජීවිතයට හානියක් වන තරමේ අනතුරක් සිදුවී නොමැත.

සත්වයා සිටින කූඩුවේ බාධකයෙන් පැන සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ජගුවර් සත්වයා ඇගේ අතට පහර දී තිබේ. “මිනිසුන් බාධක වලින් පැනීම නතර කිරීමට හැකියාවක් නැහැ” යැයි සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ Mickey Ollson මහතා ප්‍රකාශ කර සිටියි.

මෙම සත්වයා මීට පෙරත් බාධක වලින් පැන ආ නරඹන්නෙකුට පහර දුන් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා. එම අවස්ථාවේ දී නම් ජගුවර් සත්වයාගේ පහර දීම එතරම් දරුණු වී නොමැති බවයි පැවසෙන්නේ. Adam Wilkerson නම් සත්ව උද්‍යානයට පැමිණි තවත් අයෙක් මෙම අවස්ථාවේ දී ගත් වීඩියෝ පටයක් ට්විටර් හරහා අන්තර්ජාලයට මුදාහැර තිබේ.

උපුටාගැනීම – www.pigeonsnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here