Home Local සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇරඹීම සදහා ජපානය ණය මුදල නිදහස් කරයි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇරඹීම සදහා ජපානය ණය මුදල නිදහස් කරයි.

1334
0

කොළඹ කොටුව – මාළඹේ අතර සැහැල්ලු දුම් රිය සේවයක් ආරම්භ කිරීම සදහා ජපානයේ ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක සහන ණය මුදලේ පළමු කොටස වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 270ක කොටසක් අද ජපානය විසින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කර තිබේ.

ශ්‍රී ලංකාවේ බී.බී.සී මාධ්‍යවේදී අසාම් අමීන් මේ බව තහවුරු කරමින් ටුවිටර් පණිවිඩයක් නිකුත්කර ඇත.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 වනදා සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟ මෙම ණයමුදල ලබාදීම ජපානයේ ජයිකා ආයතනය විසින් අත් හිටවූ අතර පසුව නැවත සළකා බැලීමෙන් අනතුරුව මෙම ණය මුදල නිදහස් කර ඇත.

මෙම ව්‍යාපෘතිය මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here