Home Politics ඉම්රාන් ඛාන්ගේ වාර්ෂික ආදායම රු.කෝටි 3කින් අඩුවේ

ඉම්රාන් ඛාන්ගේ වාර්ෂික ආදායම රු.කෝටි 3කින් අඩුවේ

487
0

පකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන්ගේ වාර්ෂික ආදායම පසුගිය වසර තුන ඇතුලත රුපියල් කෝටි 3.09 කින් අඩු වී ඇති බව මාධ්‍යය වාර්තාවකින් අනාවරණය විය.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුව සිට ඉන්පසු දේශපාලනඥයෙක් බවට පත්වූ ඉම්රාන් ඛාන්ගේ 2015 දී වාර්ෂික ආදායම පකිස්තාන රුපියල් කෝටි 3.56කි. 2016 වසරේ දී මෙය රුපියල් කෝටි 1.29ක් දක්වා බැස තිබෙන අතර 2017 දී මෙම අගය රුපියල් කෝටි 0.47කි.

පකිස්තානයේ විරුද්ධ පක්ෂයේ නායක ෂබාස් ෂරීෆ්ගේ 2015 දී වාර්ෂික ආදායම රුපියල් කෝටි 0.76ක් වූ අතර එය 2017 වන විට රුපියල් කෝටි 1ක් දක්වා වර්ධනය විය. පකිස්තානයේ හිටපු ජනාධිපති අසිෆ් අලි සධාරිගේ 2015 වසරේ වාර්ෂික ආදායම රුපියල් කෝටි 10.5කි. මෙය 2016 වන විට රුපියල් කෝටි 11.4ක් දක්වා වර්ධනය වූ අතර 2017 දී එහි අගය රුපියල් කෝටි 13.4ක් බවට පත්විය. ඔහුට පකිස්තානය තුල ඉඩම් අක්කර 7,748ක ප්‍රමාණයක් තිබේ.

හිටපු ජනපති අසිෆ් අල් සධාරිගේ පුත්‍රයාගේ (බිලාවල් භූතෝ සධාරි) වත්කම් දෙස බැලූ විට එය ඔහුගේ පියාගේ වත්කම් ප්‍රමාණය ඉක්මවයි. නමුත් වාර්ෂික ආදායම දෙසින් නම් ඔහු තවම සිටින්නේ පියාට පිටුපසින් බවයි ආදායම් වාර්තා අනුව පෙනී යන්නේ

උපුටා ගැනීම www.pigeonsnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here