Home Local ”සුරක්ෂා රක්ෂණාවරණය” අහෝසි කිරීමේ තීන්දුවේ වෙනසක් ?

”සුරක්ෂා රක්ෂණාවරණය” අහෝසි කිරීමේ තීන්දුවේ වෙනසක් ?

313
0

පාසල් සිසුන් සඳහා මේ වසරේ ක්‍රියාත්මක කිරිමට යෝජිත සුරක්ෂා රක්ෂණ වැඩසටහනට අදාළ ටෙන්ඩරය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලයට පැවරීමට නැවත වරක් තීරණය කර තිබෙනවා.

මෙම ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 06 වනදා පැවැති කැබිනට් රැස්වීමේදී නියෝග කළ නමුත් පසුව ඒ ගැන සාකච්ඡා කිරීම 07 වනදාට කල්දමනු ලැබුවා.

නවතම වාර්තා අනුව පසුගියදා පැවැති රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලයට පැවරීමට නැවත වරක් තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්, ජනාධිපති විමර්ශන ඒකකයේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here