Home Local මධ්‍යම අධිවේගය හදන්න ජනපතිගෙන් විරෝධයක් ?

මධ්‍යම අධිවේගය හදන්න ජනපතිගෙන් විරෝධයක් ?

967
0

පසුගිය සමය තුල ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිතුමතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් හිතුමනාපයේ ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයට මෙන්ම කථාබහට ලක්වුණා.

තත්වය එසේ තිබියදී ජනපති විසින් පසුගියදා කොළඹ දී පැවති උත්සවයකදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පදනම් කරගෙන අග්‍රාමාත්‍යවරයාට හා කිරිඇල්ල අමත්‍යවරයාව දැඩිලෙස දෝෂදර්ශනයට ලක්කරනු ලැබුවා.

ජනාධිපතිවරයා විසින් එම දෙදෙනාව අමාන්ත්‍රණය කිරීම සඳහා උපයෝගීකර ගත්තේ කොළඹ මහත්තයා සහ නුවර මහත්තයා යන අනුවර්ත නාමයන්ගෙනුයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

˝ඔය මහනුවර අධිවේගී මාර්ගය පටන්ගන්න කළින් කොළඹ ලොකු මහත්තයාටයි නුවර ලොකු මහත්තයටයි දෙන්නටම මම කිව්ව ඔය කඳු කපන්න එපයි කියලා. කඳු නොකපා හදන විදියත් මම කිව්වා. කඳු කපන්න අවශ්‍ය වෙන්නෙ නෑ. කුරුණෑගල ඉදලා නුවරට අදත් යන්නෙ විනාඩි 35යි. ඒ නිසා කදු මුකුත් කපන්නෙ නැතිව කුරුණෑගල ඉදලා නුවර පාර ලොකු කරලා හදන්න කියලා මම කිව්වා. අර මම කියපු ලොකු මහත්වරු දෙන්නා ඒක පිළිගත්තේ නෑ. මම කියන ඒවා පිළිගන්න අයද ආණ්ඩුවේ ඉන්නේ. ˝ යනුවෙන් කියා සිටියා.

පසුගිය රජය සමයෙත් කිසිදු සැලකිල්ලක් නොලද මහනුවර නගරය මේ වන විට සීඝ්‍රයෙන් සංවර්ධනය වන අතර 2015 ජනාධිපතිවරණයේදී විශාල ජයග්‍රහණයක් හිමිකර දීමට ශක්තියක් වූ මහනුවර ජනාතාවට සිහිනයක්ව පැවති ජනාධිපතිවරයන්යේ මැතිවරණ පොරොන්දුවක් වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තව දුරටත් ප්‍රමාද වන බව මහජනතාව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here