ගාල්ලට පාසල් මහා ක්‍රිකට් තරග වසන්තය වසර ගණනාවක් පුරාවට ගෙන එන්නේ ගාල්ලේ ආදරවන්තයන්ගේ සටනෙනුයි.
මෙවර ගාල්ලේ ආදරවන්තයන්ගේ සටනට අමතරව තවත් මහා තරගයක් ආකාරයෙන් පැවැත්වෙන සුහද එක්දින තරගයක් අද (09) ගාල්ල ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
ඒ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟයයි.
ප්‍රථම වරට පැවැත්වෙන මේ තරගය ”ග්ලොරි ඔෆ් ද ගෝල්” ‘Glory of Galle’ නමින් හඳුන්වනු ලබනවා.
දෙවිදුහල් පවසන අන්දමට මේ වසරේ සිට පාසල් 02 අතර සුහදතා වර්ධනය කර ගැනීමේ අරමුණින් මේ එක්දින තරගය ඉදිරියට වසරක් පාසා පැවැත්වීමට නියමිතයි.