Home World මිලියන 15ක පිරිසක් ෆේස්බුක් අතහරියි

මිලියන 15ක පිරිසක් ෆේස්බුක් අතහරියි

549
0

ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සදහා එම සමාගම අපොහොසත්වීම හේතුවෙන් අමරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ‌මේ වන විට එම සමාජජාල වෙබ් අඩවියෙන් ඉවත්වෙමින් තිබෙනවා.

පසුගිය වසර 02ක කාලය තුළ අමරිකාවේ පමණක් මිලියන 15ක පිරිසක් ෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති බවටයි වාර්තා වන්නේ.

යුරෝපයේ ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියනයක පමණ පිරිසක් ඉන් ඉවත්ව තිබෙනවා.

මෙලෙස ෆේස්බුක් ගිණුම් අත්හිටවූ බොහෝ පිරිසක් වයස අවුරුදු 12ත් 34ත් වන බවයි වාර්තා වන්නේ.

සිය පුද්ගලිකත්වය පිළිබදව වඩාත් සැලකිලිමත් වන බව මෙම සිදුවීමෙන් හොදින් අනාවරණය වනවා.

2016 වසරේදී පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයේදී එරට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය සදහා ෆේස්බුක් භාවිතා කළ අමරිකානුවන් මිලියන 50කගේ අතිශය සංවේදී දත්ත එම දත්ත හිමිකරුවන්ගේ නිසි අවසරයකින් තොරව භාවිතා කළ බවට 2018 වසරේදී චෝදනා එල්ල වුණා.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඇලෙක්සැන්ඩර් කෝගන් විසින් නිර්මාණය කළ ජංගම දුරකතන යෙදවුමක් හරහා මෙලෙස ෆේස්බුක් සමාගමේ දත්ත අවසරයකින් තොරව එකතු කරගෙන ඇති අතර ඒ හරහා අමරිකානුවන් මිලියන 50කගේ පෞද්ගලික දත්ත ලබාගෙන ඒ හරහා ඔවුන්ගේ පෞරුෂ ලක්ෂණයන් පිළිබඳව කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් සමාගමක් හරහා විශේෂ විමර්ශණයක් සිදුකර ඒ ඒ පුද්ගල පෞරුෂයන්ට ගැලපෙන පරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් සකස් කල බවට එහිදී අනාවරණය වී තිබෙනවා.

එය හෙළිදරව්වීමත් සමග අවස්ථා කිහිපයකදීම ෆේස්බුක් සමාගම සිය පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීම සදහා ප්‍රමාණවත් උත්සාහයක් දරා නොමැති බවට තහවුරු වුණා.

අමරිකානුවන් සහ යුරෝපීයයන් සිය පුද්ගලික දත්ත වල ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වනු ලබනවා.

ආසියානු සහ අප්‍රිකානු රටවල තරුණ තරුණියන් සිය පෞද්ගලික දත්තවල ඇති වැදගත්කම පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැති අතර, මෙම කලාපවල ෆේස්බුක් වෙබ් අඩවි පරිශීලකයින්ගේ වර්ධනයක් පවතින බවට තොරතුරු අනාවරණය වනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆේස්බුක් සමාගමේ කොටස් ඉතාමත් සීග්‍රයෙන් පහත වැටී ඇති බවයි අමෙරිකානු වාර්තා පෙන්වා දෙන්නේ.

අමරිකානු ඩොලර් බිලියන 71ක් වූ මාර්ක් සකර්බර්ග් ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 62.3කින් හෙවත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 09කින් පහත වැටී ඇති බව ලොව ප්‍රකට ෆෝබ්ස් සගරාව පසුගිය දිනවල වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here