මේ දිනවල වෙළෙඳ පොළේ ආනයනික කිරිපිටි හිගයක් පවතින බව පාරිභෝගිකයින් පවසනවා.
මේ සම්බන්ධයෙන් කිරිපිටි සමාගම් වලින් විමසීමේදී කියාසිටියේ මේ වනවිට වෙළෙඳ පොළේ කිරිපිටි හිගයක් පවතින බවයි.
කිරිපිටි මිල වැඩි කරන ලෙස ඉල්ලා ආනයනික කිරිපිටි සමාගම් පසුගිය පෙබරවාරි මාසයේ සිට වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගැනීම හා අලුතින් කිරිපිටි තොග ඇණවුම් නොකිරීම වෙළෙඳ පොළේ කිරිපිටි හිගයට හේතු වී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසනවා.
ඇණවුම් කළ කිරිපිටි තොග නිදහස් කර නොගැනීම හේතුවෙන් මේ වනවිට කිරිපිටි කන්ටේනර් 200ක් පමණ කොළඹ වරායේ ගොඩගැසී ඇතැයි ද වාර්තාවනවා.