Home Hit දිස්ත්‍රික්ක 14කට දැඩි උණුසුම් කාලගුණයක්

දිස්ත්‍රික්ක 14කට දැඩි උණුසුම් කාලගුණයක්

569
0

දිවයින පුරා දිස්ත්‍රික්ක 14කට අද (09) දිනයේ දී දැඩි උණුසුම් කාලගුණයක් පවතින බවත් ජනතාව අතිශයින්ම කල්පනාකාරී විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාප කාලගුණ උපදේශකයින් පවසනවා.

එම දිස්ත්‍රික්ක ලෙස යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පුත්තලම, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල ජිවත්වන ජනතාවට උදෑසන කාලයේ මස් පිඬු පෙරලීම, අධික මහන්සිය, විජලනය, ආඝ්‍රාත තතත්වයන් ඇති විය හැකි නිසා ජලය වැඩිපුර පානය කරන ලෙසට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

වැඩිපුර එළිමහනේ රැඳී නොසිටින ලෙසත් හැකිතාත් සෙවණ සහිත ස්ථානවල ගැවසෙන ලෙසත් නිවාසවල සිටින වැඩිහිටියන් සහ දරුවන් ගැන සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here