අමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද ‘අන්තර්ජාතික දිරිය කාන්තා සම්මාන’ උළෙලේදී 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 10 දෙනා ලෙස තේරී පත්වූ කාන්තාවෝ සම්මානයෙන් පිදුම් ලැබූහ.
දිරිය කාන්තාවන් 10 දෙනාට අතර සිටි ශ්‍රී ලංකාවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක හා ප්‍රකට නීතීඥවරියක වන නීතීඥ මරිනි ද ලිවේරා (Marini de Livera) මහත්මිය ද එම සම්මානය හිමිකරගැනීමට සමත් වූවා.
මෙම උත්සවය අමරිකාවේ වොෂින්ටන් නුවර හැරී එස්. ටෘමන් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ඇචේසන් ශ්‍රවණාගාරයේදී ඊයේ (07) පැවැත්වුණා.
ලිවේරා මහත්මියට අමතරව මෙම බංග්ලාදේශයේ රාසියා සුල්තානා, බුරුමයේ නව් නාව්, ජිබුටි රාජ්‍යයේ මව්මිනා හුසේන් දරාර්, ඊජිප්තුවේ මමා මැගී, ජොර්දානයේ කර්නල් ඛලීඩා ඛලාෆ් හනා අල් ට්වාල්, අයර්ලන්තයේ කන්‍යා සෙහොයුරියක වන ඕර්ලා ටේ්රසි, මොන්ටිනීග්‍රෝ හි ඔලිවේරා ලාකි, පේරු රාජ්‍යයේ ෆ්ලෝර් ඩි මාරියා වේගා සහ ටැන්සානියාවේ අන්නා අලෝස් හෙන්ගා යන කාන්තාවන් ද මේ වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 10 දෙනා අතරට තේරී පත්ව සිටියා.
සම්මාන ලැබූ දිරිය කාන්තාවෝ 10 දෙනා අමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සහ අමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ආර්යාව මෙලනියා ට්‍රම්ප් මහත්මිය සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.
2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 10 දෙනා තෝරාගැනීම වෙනුවෙන් ඔවුන් කළ මානව හිමිකම් කටයුතු, අධ්‍යාපන තත්ත්වය, මාධ්‍ය කලා භාවිතය, නීතිය සහ කාන්තා අයිතීන් පිළිබද සෙසු ක්‍රියාකාරකම් ආදිය මෙහිදී සැලකිල්ලට ගනු ලැබුවා.


