වික්ටෝරියා ප්‍රාන්තයේ VCE උසස් විභාගයේ (ලංකාවේ A/L සම) සිංහල භාෂා විෂයට ප්‍රථම වරට ලකුණු 100% ලබාගැනීමට ශ්‍රී ලාංකීය දියණියක් සමත්ව තිබෙනවා.
ඇය නිතිනි නුහන්සා පෙරේරා නම් වන අතර ඕස්ට්‍රේලියාවේ SBS සිංහල ගුවන් විදුලි සේවයට අදහස් දක්වමින් සිංහල භාෂාවේ වැදගත්කම සඳහන් කර සිටියේ ලාංකීය දෙමාපියන්ගේ ඇස් ඇරවෙන ප්‍රකාශයක් කරමිනුයි.
වයස අවුරුදු 11දී ඕස්ට්‍රේලියාවට පැමිණෙන නිතිනි එරට ප්‍රාථමික විද්‍යාලයකින් අධ්‍යාපනය හදාරා මේ වන විට එරට ග්ලෙන්වේ නම් උසස් පාසලේ අධ්‍යාපනය හදාරනු ලබනවා.
ඇය ලංකාවේදී හොරණ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා.
සිංහල භාෂාව විෂයක් විදියට තෝරාගැනීමට හේතු ලෙස ඇය සඳහන් කරන්නේ,
”මට ලොකු බයක් තිබුණා සිංහල නැතිවෙයි කියලා. ඔස්ට්‍රේලියාවට ආවම අපි ජීවත්වෙන්නේ සම්පුර්ණයෙන්ම බටහිරකරණයට ලක්වූ සමාජ වටපිටාවක. ඉස්කෝලෙත් අපි භාවිත කරන්නේ ඉංග්‍රීසි. සිංහල භාෂාව මගෙන් ටික ටික ගිලිහී යනවා කියලා හිතුණු නිසා තමයි මම මේ බ්රේන්වුඩ් සිංහල පාසලට සම්බන්ධ වුණේ.”
සියලුම දෙමව්පියන්ට සිංහල භාෂාවේ වැදගත්කම පෙන්වා දෙමින් සිංහල කතාකිරීම ලැජ්ජා වියයුතු කරුණක් නොවන බවයි නිතිනි අවධාරණය කර සිටින්නේ.
”සිංහල කතා කිරීම කියන්නේ ඉංග්‍රීසි බැරිවෙන්න හේතුවක් නෙවෙයි”
ඒ සම්බන්ධයෙන් ඇය පලකළ අදහස් පහතින්.