මේ වසරේ විවාහ වන තරැණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති “හෝම් ස්විට් හෝම්” ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.
අයවැය විවාදයේදී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා අදහස් දක්වමින් සිටින අතරතුර එතුමාට ප්‍රශ්නයක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.
හෝම් ස්වීට් හෝම් ණය මුදලේ වාරිකය කොපමණක් වනු ඇතිදැයි එහිදී නාමල් මන්ත්‍රීවරයා විමමසනු ලැබූ අතර එහීදී නාමල් මන්ත්‍රීවරයා සහ නිරොෂන් පෙරේරා අමාත්‍යවරයා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ – හෝම් ස්විට් හෝම් ණය මුදල මේ අවුරැද්දේ මාත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ මාසික වාරිකය දැනගන්න පුළුවන්ද?
ඇමති නිරෝෂන් පෙරේරා – පොලිය 6% යි. වසර 25 කින් ගෙවන්න තියෙන්නේ.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ – මම ඇහුවේ වාරිකය කීයද කියලා
ඇමති නිරෝෂන් පෙරේරා – වාරිකය කීයද කියල මට කියන්න බැහැ. ඔබතුමා ගන්න මුදල අනුව ගාණ හදලා බලන්න. ඔයාට ඇපවෙන්න තාත්තා ඉන්නවානේ බය වෙන්නෙ එපා යැයි සඳහන් කළේය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ – තරැණයෙකුට ගෙයක් හදන්න ණය මුදලක් දෙන එන හොඳයි. නමුත් ඒක ගන්න අඩුම ගානේ ලක්ෂයකට වැඩි පඩියක් තියෙන්න ඕන. මාසෙකට රැපියල් 64 ,000 ගාණේ ගෙවන්න වෙනවා. ඒකේ පොලිය 6% යි කියලා කියනවා. එතකොට අනිත් ඉතුරු පොලිය ගෙවන්නේ කොහොමද . ජනතාවගේ බදුමුදලින් තමයි එකත් ගෙවන්න වෙන්නේ.