බි්රතාන්යය ප්රමුඛ රටවල් පහක් 05ක් ශ්රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන අලූත්ම ජිනීවා යෝජනාව අද (08) මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව තිබෙනවා.
මේ යෝජනාවට එකඟවී රජය වෙනුවෙන් කරුණු දැක්වීම ජිනීවා හි ශ්රී ලංකා තානාපති ඒ අසීස් මහතාට භාර වී ඇති අතර ජනාධිපතිවරයාගේ දූතයන් ලෙස මහින්ද සමරසිංහ, සරත් අමුණුගම සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් යන මහත්වරුන් ජිනීවා යනු ලබනවා.
නමුත් ඔවුන්ට මානව හිමිකම් සමුළුව ඇමතීමේ අවස්ථාව හිමිනොවේ.
මේ නිසා ජනාධිපතිවරයාගේ දූත පිරිසට ජිනීවා යෝජනාවට එරෙහිව කරුණු දැක්වීමට නොහැකි වන බවයි ජිනීවා ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.
මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවට කොටි ඩයස්පෝරා ක්රියාකාරීන් 46ක් සහ සංවිධාන 11 ක් පැමිණ ඇති අතර ඊට අමතරව බි්රතාන්යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්රේ සහ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා ද මානව හිමිකම් සමුළුවට පැමිණ තිබෙනවා.
කීර්ති වර්ණකුලසූරිය