මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වසාදමන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
දළදා වීදියේ නයිට් බසාර් පැවැත්වීම ගැන මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ද අප්‍රසාදය පළ කර තිබූ බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී එම්. වේළුකුමාර් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මෙහිදී පැවසුවේ තමාට ද මේ ගැන පැමිණිලි ලැබී තිබූ බවයි.