උඩුනුවර, වෙලම්බොඩ පොලිසිය මගින් මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට සහය නිළියකට ගම්පොළ මහෙස්ත්‍රාත් ශ්රිනිත් විජේසේකර විසින් රුපියල් 10,000ක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කොට එය වසර 20කට අත්හිටුවනු ලැබුවා.
මෙම සහය නිළිය සමග ටෙලිනාට්‍ය හා චිත්‍රපට පසුතල නිර්මාණකරුවකුද මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් 10,000ක දඩයක් නියම කොට තිබෙනවා.
උඩුනුවර, ගම්හත බඹරදෙනිය ප්‍රදේශයේදී පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොවුන් දෙදෙනා සමග තවත් කිහිපදෙනකු දර්ශන පසුතල (ලොකේෂන්) සොයා පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදුකළ පරීක්ෂාවේදී දෙදෙනා ළඟම හෙරොයින් තිබී මෙසේ හසුව තිබෙනවා.
ඉතා ලාබාල වයසේ පසුවන මෙම සහය නිළිය, ඇගේ පෙම්වතා නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ බව පවසා තිබෙනවා.
ඇය මාස 06ක් පුරා මෙසේ හෙරොයින් භාවිතයට තදින් ඇබ්බැහි වී ඇති බවද සඳහන් කොට ඇති අතර ලොකේෂන් බැලීමට යන දිනවල මෙම පසුතල නිර්මාණකරුවා කොළඹ සිට හෙරොයින් රැගෙන විත් තමාට ලබාදෙන බවද ඇය පොලිසියට පවසා සිටියා.
වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර, අපරාධ අංශ ස්ථානාධිපති උ. පො. ප. මංජුල සේනාරත්න, පො. සැරයන් (15256) හෙට්ටිආරච්චි, පොලිස් කොස්තාපල්වරුන් වන (61207) නුවන් (77957) බණ්ඩාර, (77953) ගයාන්, කා. පො. කො. (7288) රුවන්මාලි යන නිලධාරීන් මෙම පරීක්ෂ සිදුකරනු ලැබුවා.
සුරංග දිල්හාන්