ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන ඉතා වටිනා කලාවක් වන රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
වසර 04කට වැඩි කාලයක් පුරාවට ගනු ලැබූ උත්සහයක ප්රතිඵලයක් ලෙස මෙම අගනා අවස්ථාව හිමිවූ බව සංස්කෘතික කටයුතු අධ්යක්ෂිකා අනුෂා ගෝකුල ප්රනාන්දු සදහන් කර සිටිනවා.
මෙරට ශාන්තිකර්ම, ජනකවි වැනි පැරණි කලාවන්ද ලෝක උරුම ලයිස්තුවට ඇතුලත් කරගැනීමේ අරමුණින් ක්රියාමාර්ග ගනිමින් සිටින බවයි ඇය වැඩිදුරටත් සදහන් කර සිටියේ.