නොර්වේ රාජ්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් මේරියන් හේගන් මහත්මිය ඇතුළු නෝර්වේ රාජ්‍ය නියෝජිතයින් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ඊයේ (06) එක්වුණා.
උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ඉදිරි වසර 03ක කාලය වෙනුවෙන් නෝර්වේ රාජ්‍ය තවදුරටත් ආධාර ලබාදීමට කටයුතු කරන බවයි හේගන් මහත්මිය එහිදි පැවසුවේ.
උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා සාර්ථක අයුරින් ඉටුකිරීම හා අදාළ ප්‍රදේශයන් තුළජනතාව පදිංචි කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉටුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රණාමය පිරිනමන බවද ඇය කියා සිටියා.
මුහමාලෙයි ප්‍රදේශයේ බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉදිරි වසර 03ක පමණ කාලය තුළදි අවසන් කිරීමට හැකි බවයි බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන නොර්වේ නියෝජිතයින් වෙත පැවසුවේ.
මෙරට සංචාරයකට එක්ව සිටින නොර්වේ රාජ්‍ය විදේශ අමාත්‍යාංශ ලේකම්වරිය හා මෙරට නොර්වේ තානාපතිනිය ඇතුළු පිරිසක් සංචාරයට එක්ව සිටියා.


මාධව කුලසූරිය