පොලොන්නරුව, මනම්පිටිය මහාවැව ප්‍රදේශයේ සතියක පමණ කාලයක සිට අසනීප තත්වයෙන් පසු වූ වන අලියෙකු මියගොස් සිටියදී අද (07) පෙරවරුවේදී සොයාගත් බව වැලිකන්ද වන ජීවී කාර්යාලය පවසනවා.
පිටුපස වම් පාදයේ ඇති වූ තුවාලයක් හේතුවෙන් මෙම වන අලියා මියගොස් ඇති බවත් ඒ සදහා ප්‍රතිකාර සිදුකල ද වන අලියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි තරමට එය උත්සන්න වී තිබූ බවත් වන ජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා සිටියා.
අඩි 09ක් උසැති මෙම වන අලියාගේ වයස අවුරුදු 30ක් පමණ වනවා.
අලියාගේ මරණ පරීක්ෂණ කටයුතු අද ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරයා විසින් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
රොෂාන් තුෂාර තෙන්නකෝන්